එක්සත් ජාතීන්ගේ 69 වැනි සැසිවාරය සඳහා ඇමෙරිකාවේ නිව්යෝෙක් නුවර වෙත ගොස් සිටින ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හමුව එළැඹෙන 27දා සිදුවනු ඇති බව ද හින්දු පුවත් සේවය පවසයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් හින්දු පුවත් සේවය පැවැසුවේ අග්‍රාමාත්‍ය මෝදි 27දා එක්සත් ජාතීන්ගේ සැසිය අමතනු ඇති බවත් ඉන් අනතුරුව ජනපතිවරයාගේ හා අගමැතිවරයාගේ හමුව සිදුවනු ඇති බවත්ය.