පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝඩි දිවුරුම්දීමේ නිල රාජ්‍ය උත්සවයට සහභාගි වීමට නියමිත බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
1947දී මෙම රාජ්‍යයන් ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබීමෙන් පසු එදාමෙදා තුර කාලයේදී දෙරටේ රාජ්‍ය නායකයෙකු අනෙක් රාජ්‍යයේ මෙවැනි නිල රාජ්‍ය උත්සවයක් වෙනුවෙන් සහභාගි වන ප්‍රථම අවස්ථාව මෙය විය හැකි බව කියැවෙයි.
න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ දෙරටම පසුගිය වසර 60ක කාලය තුළ යුද්ධ තුනක පැටලී සිටියේය.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටිය හැකි බවට සැලකෙන නරෙන්ද්‍ර මෝඩි මෙන්ම භාරතීය ජනතා පක්ෂය පාකිස්තාන නායකයාට මෙවැනි ආරාධනයක් සිදු කිරීමද සුවිශේෂී අවස්ථාවක් බව කියැවෙයි.