(UPDATE) ඉන්දීය නව අගමැති වශයෙන් පත්වීමට නියමිත නරේන්ද්‍ර මෝඩිගේ දිවුරුමීදීම සඳහා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ වන බව ජනපතිවරයාගේ ට්විටර් ගිණුම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
---------------------------------------------------------------------------------------------------------
එළඹෙන සඳුදා දිනයේදී ඉන්දියාවේ 14 වැනි අගමැති ලෙස දිවුරුම් දීමට නියමිත නරේන්ද්‍ර මෝඩිගේ දිවුරුම්දීමේ උත්සවය සඳහා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්තා උපුටා දක්වමින් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්සේවය වාර්තා කළේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය සහභාගීත්වය මේ වනවිටත් සහතික කර තිබෙන බවයි.
සඳුදා දිනයේදී ජනපති රාජපක්ෂ ඉන්දියාව බලා පිටත් වෙනු ඇති බවත් එම වාර්තා උපුටා දක්වමින් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය තවදුරටත් සඳහන් කළේය.