ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට නියමිත භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩිගේ දිවුරුම්දීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කිරීම පිළිබඳව තමිල්නාඩු පක්ෂය අසතුටෙන් සිටින බව වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වා සිටින එම්.ඩී.එම්.කේ පක්ෂයේ මහලේකම් වයිකෝ භාරතීය ජනතා පක්ෂයේ නායක රජ්නාත් සිං හා අනෙකුත් නායකයන් අමතමින් පවසන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දිවුරුම්දීමේ අවස්ථාවට සම්බන්ධ කර නොගන්නා ලෙසයි.
ජනපතිවරයා එම අවස්ථාවට සම්බන්ධ වුවහොත් එය දමිළ ජනයා වේදනාවට පත්කරන්නක් වනු ඇති බව වයිකෝගේ අදහස වී තිබේ.
නරේන්ද්‍ර මෝඩි එළඹෙන 26 වැනිදා ඉන්දීය නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම්දීමට නියමිතය. එම අවස්ථාවට සහභාගීවන ලෙස භාරතීය ජනතා පක්ෂය සාර්ක් කලාපීය නායකයන්ට ආරාධනා කර තිබේ.
‘ද හින්දු’ ඇසුරෙනි