ඉන්දියාවේ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට සැරසෙන නරේන්ද්‍ර මෝඩි එළැඹෙන මැයි 26 වැනිදා පැවැත්වෙන දිවුරුම්දීමේ උත්සවයට පාකිස්තාන ජනාධිපති නවාස් ෂෙරීෆ්ට ආරාධනා කළත්, ඔහු ඒ වෙනුවෙන් සහභාගි නොවනු ඇති බව නිල නොලත් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මේ ආකාරයෙන් තම දිවුරුම්දීමේ අවස්ථාවට කලාපයේ සියලු රාජ්‍ය නායකයන්ට ආරාධනා කරමින්, තමන් කලාපයේ බලවතා බව පෙන්වීමේ උත්සාහයක මෝඩි නිරත වීමේ උත්සාහයක් පවතින්නේ යැයිද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත් ඒ ආරංචි මාර්ග පෙන්වා දෙන පරිදි ෂෙරීෆ් වෙනුවට ඔහුගේ නියෝජිතයෙකු මෙම දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගි වනු ඇති බවද කියැවෙයි. ඒ වෙනුවෙන් වූ පණිවුඩය මේ වනවිටත් ජනාධිපති නවාස් ෂෙරීෆ් විසින්, මෝඩි වෙත යවා ඇති බවටද නිල නොලත් තොරතුරු වාර්තා වෙයි.
පසුගිය වසරේ පැවති පාකිස්තාන මහ මැතිවරණයෙන් නවාස් ෂෙරීෆ් අගමැති වීමෙන් අනතුරුව සිදුකෙරුණු දිවුරුම් දීමට එවකට ඉන්දියාවේ අගමැති ධුරය දැරූ මන්මෝහන් සිං වෙත නිල ආරාධනා සිදු කෙරුණද, ඔහු එය ප්‍රතික්ෂේප කිරීමද මෙයට හේතුවක් විය හැකි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ඒ අනුව, වැඩි බර තැබීම ෂෙරීෆ් මෙම ආරාධනය ප්‍රතික්ෂේප කිරීම බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.