ජැපනීස් එන්සෙපලයිටිස් (මොළේ උණ) වසංගත තත්ත්වයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
ගෙවුණු සති 03 ඇතුළත රත්නපුර මහ රෝහලෙන් මොළේ උණ යැයි සැකකරන රෝග ලක්ෂණ සහිත රෝගීන් ආසන්න වශයෙන් 10 දෙනෙකු පමණ වාර්තා වී ඇත. එම රෝගීන් 10 දෙනා අතුරින් සායනික වශයෙන් ජැපනීස් එන්සෙපලයිටිස් යැයි සැකකරන රෝගීන් 04 දෙනෙකු රසායනාගාර පරීක්ෂණවල නිගමනයට අනුව ජැපනීස් එන්සෙපලයිටිස් බවට තහවුරු වී තිබේ.
එම රොගීන් 04 දෙනා පිළිවෙළින් අවුරුදු 24, 30, 42 හා 80 වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් සියලුදෙනා මේ වනවිට සුවය ලබා තිබේ. මෙම රෝගීහු සිවුදෙනා රත්නපුර දිස්ත්‍රික්කයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 04කට අයත් වෙති. එම නිසා මෙය වසංගත තත්ත්වයක් නොවන අතර, සාමාන්‍ය රෝගීන් වාර්තා වීමක් පමණි. සෑම වසරකම නොවැම්බර් සිට ජනවාරි දක්වා සාපේක්ෂ වශයෙන් මෙම රෝග අවස්ථාවන් වාර්තාවීම ඉහළ අගයක පවතී. ඒ අනුව ජැපනීස් එන්සෙපලයිටිස් රෝග තත්ත්වයේ ඉහළ පැතිරයාමක් ඇති බවට විද්‍යාත්මකව සාක්ෂි නොමැත.