කුරුණෑගල පොලිස් වසමේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය ජනතා සහය පතයි.
2016.11.15 දින මෙම ඝාතනය සිදුව ඇති අතර සැකකරු හැඳුනුම්පත් දෙකක්ද භාවිත කර ඇතැයි පොලීසිය පවසයි.
මොහු පිළිබඳ තොරතුරක් දන්නේ නම් 077-2001021, 011- 2451633, 011- 2451636 යන අංකයන්ට දැනුම් දෙන ලෙසද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.