මොරටුව එගොඩ උයන ශ්‍රී සුනන්දෝපනන්දාරාම විහාරාධිපති ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෝ අද (27දා) ඇප මත නිදහස් වූහ. මොවුන් පානදුර මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පානදුර මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය මෙම සැකකරුවන් සිවුදෙනා එක් අයෙකුට රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරිමට නියෝග කළාය.
විනිසුරුවරිය ඇපකරුවන්ට සෑම ඉරුදිනකම නඩු විභාගය අවසන් වන තෙක් මොරටුව පොලිස් ස්ථානයේ පෙනීසිටීමටද නියෝග කළාය. මෙම නඩුව අප්‍රේල් 02 වැනිදා නැවත කැඳවීමට නියමිතය.