මොරටුව සන්ධාන නාගරික මන්ත්‍රී සුදත් ක්‍රිශාන්ත මහතා ප්රජාතන්ත්රවාදී පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමට තීරණය කර තිබේ. මෙවර පළාත් සභා මැතිවරණය සඳහා සන්ධානයෙන් තරග කිරීමට තමන්ට අපේක්ෂකත්වය ලබාදෙන බවට තැපැල් අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා සඳහන් කළත්, තමන්ට එම අවස්ථාව නොලැබීම නිසා ප්රජාතන්ත්රවාදී පක්ෂයට එක්වීමට තීරණය කළ බව ක්‍රිශාන්ත මහතා ‘අද’ ට පැවසීය.
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාගෙන් එම පක්ෂයට එක්වන ලෙසට තමන්ට ආරාධනාවක් ලැබුණු බවත්, ඒ අනුව ඉදිරියේදී තමන් එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගන්නා බවත් නාගරික මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.