මොනරාගල මදුරුකැටියේ දී ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් වූ සරසවි සිසුන් හතර දෙනෙකුට අද (8දා) පෙරවරු 6.30 ට පමණ අංක තහඩු රහිත ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් පහර දී එක් සිසුවෙකු පැහරගෙන තිබෙන බව කැෆේ සංවිධානය කියයි.
කෙසේ වෙතත් පැහැරගත් සිසුවාට පහරදී තුවාල සිදු කොට මග දමා ගොස් ඇති බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.
අංක තහඩු රහිත වාහන වලින් පැමිණ මැතිවරණ කාර්යාල කඩා බිද දමන කණ්ඩායම විසින් මොණරාගල දී සිදු කළ පළමු පුද්ගල පැහැරගැනීම සහ බරපතල තුවාල සිදු කළ පහරදීම මෙය වන බවත් ඔවුහු කියති.
සිසුන් සිව් දෙනාට පොළුවලින් පහරදී ඇති අතර පැහැර ගෙන ගිය සිසුවාගේ බෙල්ල, අත සහ ඔලුවේ තුවාල ඇත.