මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර තිබෙනා ජනාධිපතිවරණ ප්‍රතිපත්තියට අනුව රට තුළ වැඩකටයුතු කිරීමට මාසිකව රුපියල් බිලියන 890ක අමතර වියදමක් දැරීමට සිදුවන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසා සිටී. එකී ප්‍රතිපත්තියට අනුව බදු ප්‍රමාණයක් අඩුකරන බවට සහ ඉවත් කරන බවට සඳහන් කර තිබෙන නිසා මෙම මුදල් සොයාගන්නා ආකාරයත් රටට පැහැදිලි කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටී.
ඊයේ (29දා) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්රවෘත්ති සාකච්ඡාවේදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ රුපියල් බිලියන 890ක් එකවර වෙන්කිරීමට සිදුවුවහොත් අයවැය පරතරය 12෴කින් ඉහළ යන බවය. මීට අමතරව රටේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයට සමගාමීව 113%ක් වන බවද පවසා සිටියේය.
2004 වසරේදී මේ රටේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 02%ක් වූ බවත්, මේ වනවිට එම ප්‍රමාණය 78.3% ක් දක්වා අඩුකිරීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙන බවද පවසා සිටියේය.
මේ නිසා ජනතාව නොමග යැවීමට මෙවැනි ප්‍රකාශ සිදුනොකරන ලෙසත්, එම ප්‍රකාශ බොහෝ පිරිස් පිළිනොගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රට සංවර්ධනය කරමින්, ආර්ථිකය සංවර්ධනය කරමින් ආර්ථික වර්ධන වේගය 7.3% කට ඉහළින් පවත්වාගෙන යන වර්තමාන ආණ්ඩුව වටා නිරතුරුවම රටේ ජනතාව සිටින බැවින් මෙවර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රතිශතය 54% ඉක්මවන බවද හෙතෙම පවසා සිටියේය.