මෛත්‍රීට අගමැතිකම දෙන්නැයි යෝජනාවක්
- 8 11 2014
- 20:01
- {{hitsCtrl.values.hits}} views
- පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත අගමැතිධුරය ප්රදානය කරන ලෙස පොලොන්නරුවෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී අද (08දා) පැවති පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධවෘත්තීය සමිති සංවිධානයේ මහ සම්මේලනයේදී මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ.
සෞඛය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මේලනය පැවති අතර පොලොන්නරුව වෘත්තීයසමිති සංවිධානයේ උප සභාපති කේ.කේ. සිරිපාල මහතා විසින් යෝජනාව ඉදිරිපත් කළේය.
මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රන්ජිත් සමරකෝන්, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

