ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රථම ජන රැලිය පොළොන්නරුව කදුරුවෙල නගරයේදී 30 වැනිදා පැවැත්වීමට නියමිතය.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු එහිදී ඇරඹෙන අතර, ''සුපිරිසුදු නායකත්වයක් - මෛත්‍රී පාලනයක්' යන තේමාව යටතේ එය සංවිධානය කර ඇත.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක, හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් රැසක්ද මීට එක්වීමට නියමිතය.