මැතිවරණයක් පවතින සමයක පක්ෂ මූලස්ථානයක් අසලට ජනතාව රැගෙන ගොස් කලබලයක් ඇතිකරමින් විමල් වීරවංශ මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල මහතාගේ ජයග්‍රහණයට උදව් කරන බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
විමල් වීරවංශ මහතා සේම තවත් බොහෝ මැතිඇමතිවරු ආණ්ඩුවේ සිට පොදු අපේක්ෂක මෛත්‍රීපාල මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත්, එය මහින්ද රාජපක්ෂ මහතාගේ උදහසට ලක්විය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසත් දුමින්ද මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මෙම අදහස් දැක්වූයේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි