දිඹුලාගල ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අරලගංවිල පොලීසියට බාර වූ පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ සෙහොයුරු චමින්ද සිරිසේන මහතා ඇප මත නිදහස් කොට තිබේ.
ඔහු අද (06දා) අරලගංවිල පොලීසියට බාරවී තිබෙන අතර පොලොන්නරුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 100000ක ශරීර ඇප මත නිදහස් කොට තිබේ.
පොලොන්නරුව තුෂාර තෙන්නකෝන් / ඩබ්.ඒ. පියතිලක