පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට පසුගියදා මාතරදී පැවැති රැලියේදී විපක්ෂයට එක්වූ මාතර නාගරික මන්ත්‍රී රාජ් චන්ද්‍රලාල් මහතා මෙම මැතිවරණ සමයේදී නිහඬව සිටීමට තීරණය කර තිබේ.
විපක්ෂයට එක්වීමෙන් අනතුරුව ඔහු ඊට පසුවදා අරලිය ගහ මන්දියරට රැගෙන යාමට මාතර දේශපාලඥයින් කටයුතු කොට තිබේ.
කෙසේ වෙතත් තමන් ගත් තීරණයේ වෙනසක් නොමැති බවත් ජනපතිවරණයෙන් පසුව ප්‍රසිද්ධ දේශපාලනයේ යෙදෙන බවත් රාජ් චන්ද්‍රලාල් මහතා පැවැසීය.