ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වී මෛත්‍රී පාර්ශ්වයට එක් වූ බවට තමන් සම්බන්ධයෙන් පැතිරී යන කතාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා අද (18දා) පස්වරුවේ සඳහන් කළේය.
තමන් අද (18දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී.ල.නි.ප පක්ෂයේ මහ ලේකම්වරයා හමුවී ජනාධිපතිවරයාට හා ශ්‍රී.ල.නි.ප පක්ෂයට පූර්ණ සහයෝගය ලබාදෙන බවට පළවී ඇති වාර්තා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මේ පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේසේ පැවසීය.
“මා ශ්‍රී.ල.නි.ප පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා හමු වූ බව ඇත්ත. නමුත් මහ ලේකම්වරයා හමු වුණේ මගේ සහෝදරයෙකුගේ ව්‍යාපාරික ගැටලුවක් ගැන කියන්න. නැතිව ජනාධිපතිතුමාට සහයෝගය දක්වන්න නෙවෙයි. මහ ලේකම්වරයාට ඒ ගැටලුව ගැන කිවුවා. ජනාධිපතිතුමා හමු වුණේ නැහැ. පුද්ගලික ප්‍රශ්නයක් ගැන කතා කරන්න තමයි මහ ලේකම්තුමා හමු වුණේ. ඒකාබද්ධ විපක්ෂය හැරයාමේ මගේ බලාපොරොත්තුවක් නෑ”