දෝෂාභියෝගයක් මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති ධුරය අහිමි කරන ආකාරය පිළිබඳව මහාචාර්ය නලීන්ද සිල්වා මහතා අද (15දා) පැහැදිලි කළේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පවසා සිටියේ ප්‍රථමයෙන්ම පක්ෂ සභාපතිකමින් සහ පක්ෂ සාමාජිකත්වයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත් කරන බවයි.
මහමැතිවරණයෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ 2/3 ක ඡන්දයෙන් දෝෂාභියෝගයක් මගින් සිරිසේන මහතාගේ ජනාධිපති ධුරයද ඉතා පහසුවෙන් ඉවත් කරන බවද ඔහු පවසයි.
මේ වනවිට ඊට අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයිද නලීන්ද සිල්වා මහතා පවසා සිටියේය.
මේ අතර, ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර ඉදිරිපත් කළ ජාතික ලැයිස්තුව තුළ ඉන්දීය රෝ ඔත්තු සේවයේ නියෝජිතයෙකු සිටින බැවින් තමන්ගේ නම ඉවත් කරගැනීමට කටයුතු කළ බවයි.