යුද හමුදා මේජර් ජනරාල් ජගත් විජයතිලක මහතා අද (06දා) අභාවප්රාප්ත විය.
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ද වූ ඔහු උතුරු නැගෙනහිර යුද්ධයෙන් පසු කොටි සාමාජිකයන් පුණරුත්ථාපනය කිරීමට දැඩි වෙහෙසක් දැරීය.
මේ වනවිට දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (07දා) බොරැල්ල කනත්තේ දී සවස 5.30ට පමණ සිදු කිරීමට නියමිත බව 'අද' ට වාර්තා වේ.