මේක හැමදාම කරන්න බෑ කියලා නායකත්වය තේරුම් ගත යුතුයි
“අපි විශ්වාස කරනවා පක්ෂයේ ලොකු වෙනසක් ළඟදීම සිදුවේවි කියලා. පවතින තත්ත්වය තේරුම් අරගෙන අලුත් ක්‍රමවේදයක් අලුත් වගකීමක් අගමැතිතුමා පක්ෂයට භාර දේවි. ඒ අනුව අගමැතිතුමා නියමිත වෙලාවට යෂ්ඨිය හුවමාරු කරන්න කටයුතු කරාවි කියලා අපි විශ්වාස කරනවා” යැයි විදුලි සංදේශ සහ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගාල්ල වඳුරඹ ප්‍රදේශයේදී ඊයේ (17දා) පැවැති උත්සවයකින් අනතුරුම මාධ්‍යවෙත අදහස් දක්වමිනි.
“පසුගිය දවස්වල පක්ෂයේඅපි දීර්ඝ සාකච්ඡාවක් කළා. අපි විශ්වාස කරනවා පක්ෂයේ ලොකු වෙනනසක් වෙයි කියලා. අලුත් ක්‍රමවේදයක් අලුත් වගකීමක් භාර දෙයි කියලා. මොකද නායකත්වයත් මේක තෙරුම් ගත යුතුයි මේක හැමදාම කරන්න බෑ කියලා. එතුමා අගමැති වන විට මම සාමාන්‍ය පෙළ ලියලා තිබුණෙත් නෑ.
අපි හිතනවා එතුමා කලබලයක් නැතිව නියමිත වෙලාවට යෂ්ඨිය හුවමාරු කරන්න කටයුත කරයි කියලා. අගමැතිතුමා ලංකාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් තුන් වරක් අගමැති වු අයෙක්.මා ඉගෙන ගන්නා කාලයේත් එතුමා අගමැති. මම විශ්වාස කරනව මෙවරත් එතුමාගේ ශුක්ෂම දක්ෂතාවය මත විශ්වාසභංගයෙන් බේරෙන්න එතුමා ක්‍රමවේදය දන්නව කියල.
මම විශ්වාස කරනව නැවත වතාවක් මේ විශ්වාසභංගය තීරණය කරයි මේ ආණ්ඩුව කොයි විදියට ද යන්නේ කියල. ගෙවී ගිය දවස් කීපයේම පක්ෂ ප්‍රති සංවිධානයක් පිළිබඳව අපි සාකච්ඡා කළා. වෙනසක් වෙයි කියල විශ්වාසයක් තියෙනව.”
රවීන්ද්‍ර ශ්‍රී ලාල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


