දුම්රියේ ගැටීම නිසා මේ වසරේ ගතවූ දින කිහිපය තුළදී (ඊයේ 14දා වන විට) පුද්ගලයන් 172 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මේ වසරේ පළමු මාස තුන තුළදී පමණක් පුද්ගලයන් 169 දෙනෙකු මියගොස් තිබේ.
පසුගිය වසරේදී දුම්රිය අනතුරු නිසා පුද්ගලයන් 540ක් මරණයට පත් වී තිබේ.
පසුගිය 13 වැනිදා18 කණුව දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ යතුරුපැදියක් ගැටීම නිසා පොලිස් සැරයන්වරයෙකු මරණයට පත් විය.
49 හැවිරිදි පොලිස් සැරයන්වරයා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර තිබේ.
මේ වසරේ වැඩිම පිරිසක් මියගොස් තිබෙන්නේ දුම්රිය ධාවනය වෙමින් පවතින අවස්ථාවලදී දුම්රිය හරස් මාර්ගවලින් රථවාහන ධාවනය කිරීමට යෑමේදී බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.