මේ මුදල් තහනම් කරන්න පුළුවන්ද කියලා බලනවා
තමා අතීතයේ සිටම හොරකමට විරුද්ධව කතා කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. පහුගිය ආණ්ඩුව වැඩියෙන් හොරකම් කළත් ඒකත් වැරදියි. මේ ආණ්ඩුවට අඩුවෙන් හොරකම් කළත් ඒකත් වැරදියි. අපි එදා ඉඳලා හොරකමට විරුද්ධව කතා කළා. බැදුම්කර ගණුදෙණුව සම්බන්ධ අද(24දා) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.
අද සංවර්ධනයේ අයිතිකාරයෝ බවට විදේශිකයෝ පත්වෙලා. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම ජනතා විමුක්ති පෙරමුණත් ඒකට වගකියන්න අවශ්‍යයි. මහබැංකුව බැඳුම්කර සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කොමිසමක් පත්කළා වගේම ආණ්ඩුවේ වෙන වැරදි සම්බන්ධයෙන් එතුමා අවධානයෙන් ඉන්නවා.
මේ ගනුදෙනුව නිසා පර්පචුවල් ටෙෂරීස් සමාගම විශාල ලාභයක් ලබාගත්තා. මේ මුදල් තහනම් කරන්න පුළුවන්ද කියලා හොයලා බලනවා. මේ සිද්ධියට පර්පචුවල් ටෙෂරීස් සමාගම වැරදිකරුවෝ උනොත් එහි සියලු දේපළ රාජසන්තක කරනවා. එයට අවශ්‍ය අණපනත් පවා ගෙන එනවා. මූල්‍ය කටයුතුවලදී කරන හොරකම් හොයන්න අමාරුයි. ඒවට විශේෂඥ කමිටුවක් පත්කළ යුතුයි. විරුද්ධ පක්ෂය ආණ්ඩුවේ වැරදි හොයන්න අවශ්‍යයයි. නමුත් රට ආපස්ස හරවන්න යාම හොඳ නැහැ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

