මෙම ජනපතිවරණය තමන්ට පහසු බවත් නැවත් වරක් ජනපති ලෙස පත්වීම පිළිබඳව තමන්ට විශ්වාසයක් පවතින බවත් ජනපති මහන්ද රාජපක්ෂ මහතා පැවැසීය.
තමිල්නාඩු රූපවාහිනී නාළිකාවක් වන තාන්ති නාළිකාව හා සංවාදයකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් ප්රකාශ කළේය.
"මට හොඳ විශ්වාසයක් තියෙනවා. එහෙම නැත්නම් තවත් වසර දෙකක් තියෙද්දී මැතිවරණයකට යනවද? මම ඒ වසර දෙක කැප කළා. මැතිවරණයකට ගියා. මේක ලේසියි." යැයි පැවැසීය.
එසේම විපක්ෂයේ කිසිම එකමුතුවක් නොමැති බවත් ඒ ඒ පක්ෂ අතර වෙන වෙනම ගිවිසුම් අත්සන් කරන බවත් ජනපතිවරයා පැවැසීය.
"ඇත්තටම මම මෙවර තරග කරන්නේ චන්ද්රිකා එක්කයි. විපක්ෂ නායකයා නෙමෙයි නායකත්වය අරගෙන තියෙන්නේ. ඇයයි නායකත්වය අරගෙන තියෙන්නේ. ඇය හැම ප්රශ්නයකටම උත්තර දෙනවා." යැයි පැවැසීය.