මේ දිනවල සිදුවන වැඩවර්ජන දේශපාලන කුමන්ත්‍රණයක්
මේ දිනවල රටතුළ සිදුවන වැඩවර්ජන දේශපාලන වාසි ලබාගැනීම සඳහා ඇතැමුන් කරන කුමන්ත්‍රණයක් බව අධ්‍යාපන රාජ්‍ය ඇමති වී. රාධක්‍රිෂ්ණන් මහතා අද (01දා) අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කර සිටියේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ඉල්ලීම් අයිතිවාසිකම් සැවොම දිනාගත යුතුයි. නමුත් ඒවා දිනා ගන්න ක්‍රම තිබෙනවා. බොරුවට මහජනතාව අපහසුතාවට පත් කරලා රජය විවේචනය කරලා මේවා දිනාගන්න හදනවා කියන්නේ මිනිස් අයිතිවාසිකම් දිනාගැනීමක් නොවෙයි. දේශපලන වාසි ලබා ගැනීමට ඇතැමුන් කරන කුමන්ත්‍රණයක් විතරයි.
මමත් වෘත්තීය සමිති නායකයෙක්. ජනතාවගේ ගැටලු නිසි ආකාරව විසඳගන්න ඕන තමයි. නමුත් අද වන්නේ දේශපාලකයන්ගේ කුමන්ත්රනවලට අසරණ සිසුන් රැවටීමයි.
සමහර පුද්ගලයන් විශ්ව විද්‍යාල සිසුන් නොමග යවලා වර්ජනවලට යොමු කරනවා. මම ඉල්ලා සිටින්නේ පටු දේශපාලන අයිතීන් තකා සිසුන් නොමග යවන්න එපා කියලයි. වැඩ වර්ජන කරන්න කලින් ඔයාලා හැමෝටම රජයත් සමග සාකච්ඡා කරන්න පුළුවන්. සාකච්ඡා මාර්ගයෙන් මේවා විසඳ ගන්න පුළුවන්කම තියෙද්දී අද සමහර පුද්ගලයන්ගේ උසි ගැන්වීම් මත මහ ජනතාව අපහසුතාවයට පත්වත ආකාරයට වැඩ වර්ජන කරන්න පුරුදු වෙලා.
අපි කියන්නේ දරුවන්ට එන්න අපි සමග සාකච්ඡා කරන්න. වැඩිහිටියනි එන්න රජය සමග සාකච්ඡා කරන්න. මේවා හැම දේටම විසඳුම ඔයාලට මේ රජයෙන් ලබා දෙනවා. මේ වනවිටත් සමහර දේවල්වලට විසඳුම් දීලා තිබෙනවා.
දෙමවුපියන් දරුවන්ට දහඩිය මහන්සියෙන් මුදල් හොයලා විශ්ව විද්‍යාලෙ එවන්නේ ඉගෙන ගෙන රටට වැඩදායී පුද්ගලයෙකු කරන්න මිසක් රටේ කැරලි කාරයන් කරන්න නොවෙයි. ඒක දරුවන් හොඳට සිතන්න. අපි සැවොම එකතු වෙලා ගැටලු විසඳන් රජය අපහසුතාවයට පත් නොකර ජනතාවත් අපහසුතාවයට පත් නොකර ප්‍රශ්න විසඳගමු.” යනුවෙන් සඳහන් කර සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

