බේරුවල බුබුලහේන ප්රදේශයේදී මාස 21 වයසැති සිය දියණිය ගලතලාවක ගසා මරා ඇති පියෙකු බේරුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පවුල් ආරවුලක ප්රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලීසිය සැක කරයි. දැරියගේ මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ තැම්පත් කර තිබෙන බවත්, බේරුවල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යන බවත් පොලීසිය කියයි.