මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ලබන 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය ලේඛනය මගින් එංජින් ධාරිතාව 1000ට අඩු වාහනවල මිල අඩු කෙරෙනු ඇතැයි වාර්තා වේ.
කුඩා ව්‍යාපාරිකයන්ට සහන සැලසීම මූලික කර ගනිමින් මෙවර අයවැය යෝජනාවලිය ඉදිරිපත් කෙරෙන අතර, ඒ යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දිරිමත් කිරීමට ප්‍රමුඛතාව ලබාදෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව වර්ෂ 2019 වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 4000ක් විදේශ ණය ගෙවීමට ඇති බැවින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම පිළිබඳ විශේෂ යෝජනා ඇතුළත් කරනු ඇතැයිද පැවසේ.
දයාසීලි ලියනගේ (ඉරිදා ලංකාදීප)