ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේදී ජනයා මතින් ඕනෑකමින් මෝටර් රථයක් පදවා සිදුකළ ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිත්ක්ෂයට පත්ව තවත් 29 දෙනෙකු තුවාල ලැබීය.
තුවාල ලැබූ පුද්ගලයන් 29 දෙනාගෙන් බිළිඳෙකු ඇතුව 6 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.
පොලීසිය පසුව සිදුකළ වෙඩි තැබීමකින් රියදුරාට තුවාල සිදුකර ඔහු අත්අඩංගුවට ගැනීමට සමත් වුවත්, ඒ වනවිටත් බොහෝ දේ සිදුවී තිබුණි.
මෙය ත්‍රස්ත ප්‍රහාරයක්ද යන්න තවමත් පැහැදිලි නැතත්, ඊසානදිග මෙල්බර්න් නුවර සිදුවූ පිහි ඇනුම් සිද්ධිය හා මේ අතර සම්බන්ධයක් පවතින බව පොලීසිය විශ්වාස කරයි.
අතිශය කාර්ය බහුල සාප්පු සංකීර්ණයක් ආශ්‍රිතව මෙම ප්‍රහාරය එල්ල වී තිබූ අතර, මගීන් වෙත වේගයෙන් පැමිණෙන මෝටර් රථයෙන් බේරීමට ජනතාව උත්සාහ කරන ආකාරය දැක්වෙන වීඩියෝ දසුන් කිහිපයක්ද දැකගත හැකිවිය.
මෙම රථය පැදවූ පුද්ගලයා උදෑසන සිය සහෝදරයාටද ප්‍රහාරයක් එල්ල කර අති අතර, පසුව කාන්තාවක්ද පැහැර ගනිමින් ප්‍රාණ ඇපයේ තබාගෙන තිබුණි. නමුත්, ඔහු ජනතාව යට කරගෙන ධාවනය කිරීමට පෙර එම කාන්තාව මුදාහැර තිබුණි.
පොලීසිය පවසන පරිදි මෙම තැනැත්තා ප්‍රචණ්ඩක්‍රියා, මත්ද්‍රව්‍ය සිද්ධීන් සම්බන්ධයෙන් දිගු ඉතිහාසයක් පවතින්නෙකු ලෙස හඳුනාගෙන තිබේ.