උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් මගින් ඊයේ (15දා) රාත්‍රියේ පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට දූපතට උතුරු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන්, ට්‍රෝලර් යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න කන්කසන්තුරේ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්යක්ෂ වෙත භාරදීමට කටයුතු කෙරිණි.