පෞද්ගලික බැංකුව ණය කාඩ්පත් යොදා ගනිමින් මුදල් වංචා කළ සැකකරුවෙක් සොයා ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලයි.
බේස්ලයින්පාර, කොළඹ 8 පදිංචි මොහොමඩ් ෆස්ලි අබුබකර් නැමැති 45 හැවැරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙසේ ජනතාවගේ සහාය ඉල්ලා සිටියි.
සැකකරු පිළිබඳව ඡායාරූපයක්ද පොලීසිය ප්රසිද්ධ කර තිබේ. ඔහු පිළිබඳව තොරතුරු දන්නේ නම් 011-2326979/ 011-2320141/011-2320145/078-3639259 අමතන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.