ඩයිනසෝර් සත්වයෙකුගේ විශාල අස්ථි කිහිපයක් ආර්ජන්ටිනාවෙන් හමුවීමත් සමග එය ලොව එදාමෙදා තුර පෘථිවියේ ගමන් කර ඇති විශාලතම ඩයිනසෝර් සත්වයා විය හැකි බව විද්‍යාඥයෝ විශ්වාස කරති.
එම ඩයිනසෝර් සත්වයාගේ වශාල කලවා ඇටය මත පිහිටා මෙම පොසිලය විමර්ශණය කිරීමේදී මෙම සත්වයා මීටර් 40ක් දිග මීටර් 20ක් පමණ උස සත්වයෙකු විය හැකි බව විද්‍යාඥයන් විසින් නිගමනය කරන ලදී.
එම අස්ථිය තවදුරටත් නිරීක්ෂණය කිරීමේදි මෙම ඩයිනෝසර් බරින් ටොන් 77ක් පමණ විය හැකි බවත්, එය අප්‍රිකානු අලින් 14දෙනෙකුගේ බරට සමාන අගයක් බවත් සොයාගෙන තිබේ.
එමෙන්ම, එය මීට පෙර හමුවූ විශාලතම ඩයිනසෝර් සත්වයා ලෙස සැලකෙන Argentinosaurus ට වඩා ටොන් හතක් බර සත්වයෙකු බවටද පත්වෙයි.
විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි මෙම සත්වයා titanosaur නමැති ඩයිනසෝර් විශේෂය විය හැකිය.