මූල්‍ය වංචා, දූෂණ, රජයේ වත්කම් හා රජයේ ආදායම් සම්බන්ධ වංචාසහගත ක්‍රියා සහ ඊට සමාන වරදවල් සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා විශේෂයෙන්ම වෙන්වූ මහාධිකරණයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙහිදී මහජන දේපළවලට එරෙහිව සිදුකරනු ලබන වැරදි, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම, සාපරාධි විශ්වාසය කඩකිරීම හා මහජන දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, සංවිධානාත්මක අපරාධ ඇතුළුව අල්ලස් හා දූෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් විභාග කිරීමට අවධානය යොමුකර තිබේ.
අගවිනිසුරුවරයා විසින් නම් කරනු ලබන ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩල 03කින් මෙම මහාධිකරණය සමන්විත වෙනු ඇත.
නිශ්චිතව දක්වනු ලබන වරදවල් සම්බන්ධයෙන් වන නඩු කටයුතු නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරුවරයා විසින් සිය අභිමතය පරිදි එම මහාධිකරණය වෙත යොමු කළ හැකිය.
එම මහාධිකරණයේ නියෝගයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඍජුව අභියාචනය කිරීමටත් විධිවිධාන සලස්වා තිබේ. අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.