මාදම්පේ තඹගල්ල ප්‍රදේශයේ ගසකට නැග අතු කපමින් සිටි අයෙකු ලිස්සා වැටි අසළ තිබූ ගිනිසිරියා පඳුරක ඉන්නක් මුහුණ හරහා යෑමෙන් පසු හලාවත මුලික රෝහලේදී සිදුකළ සැත්කමකින් පසුව එය ඉවතට ගැනිමට හැකි වු බව රෝහල් වැඩ බලන අධ්යක්ෂ එම්.අයි . සිරාජ් මහතා පැවසිය.
මාදම්පේ තඹල්ල ප්‍රදේශයේ පදිංචි එන්. ජයන්ත නැමති ( 45 ) හැවිරිදි පුද්ලගයෙකු මෙම අනතුරට මුහුණ පා තිබුණි.
අනතුරත් සමග ප්‍රදේශවාසින් ගිනි සීරියා ලීය සිරුරේන් ඉවත් නොකර එම ආකාරයටම මුලික රෝහලට ඇතුලත් කර තිබු අතර ක්ෂණිකව ක්‍රියාත්මක වු විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ 30 කට ආසන්න කණ්ඩායමක් එක්ව පැය කිපයක සැත්කමකින් පසුව ගිනි සිරියා මුගුර ඉවත් කර ඇත.
ඉන් පසු ඉතිරි වෛද්‍ය ප්‍රථිකාර අරඹා වැඩි දුර ප්‍රථිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණි.