මීගමුව ඒත්තුකාල වෙරළ තීරයේ ඊයේ (14දා) දියනාමින් සිටියදී දිය වැල්වලට හසුව ගසාගෙන ගිය නව දෙනෙකුගේ දිවි බේරා ගැනීමට පොලිස් ජීවිතාරක්ෂක ඒකකය හා රතුකුරුස ජීවිතාරක්ෂක නිලධාරීහු සමත්ව තිබේ.
ඊයේ පස්වරුවේ 1500 ක් පමන වන පිරිසක් වෙරළ තීරයේ දිය නාමින් සිටියදී පස්වරු 2.45 සිට පස්වරු 5.35 දක්වා කාලයේදී අවස්ථා හයකදී මෙම පිරිස අනතුරට පත්ව ඇති අතර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ සැරයන් 17344 සරත් කුමාර, කොස්තාපල්වරුන් වන 38508 දිසානායක, 79715 වීරසේකර, රතුකුරුස ජීවිතාරක්ෂක ඒකකයේ ශිවන්ත අනුරුද්ධ, මහේෂ් චන්දන, රොෂාන් පේමසිර, තරිදු රොෂාන්, ඉසුරු නිම්සර,රොමේෂ් චන්දන, මනීෂ ශාමික සහ අනුෂිකා විදුරක්ෂනි යන පිරිස මෙසේ ජීවිත බේරා ගැනීමට සමත්ව තිබේ.
බේරාගත් පිරිසට මූලික ප්රථමාධාර ලබාදීමෙන් පසු තිදෙනෙකු රෝහල් ගත කරවීමට පියවර ගෙන ඇති අතර සෙසු හයදෙනා ඔවුන්ගේ ඥාති හිතවතුන්ට බාරදීමට කටයුතු කර ඇත.