වෙන්නප්පුව උල්හිටියාව මුහුදේ කිමිදෙමින් නීති විරෝධි ලෙස මසුන් මරමින් සිටි පිරිසක්ව අද(18) පාන්දර ප්රදේශයේ ධීවරයන් විසින් අල්ලාගෙන පොලිසිය මාර්ගයෙන් ධීවර නිළධාරින්ට බාර දී තිබේ. මෙලෙස ධීවර නිළධාරින්ට බාර දි ඇත්තේ මුන්දලම ප්රදේශයේ ධීවරයන් පිරිසකි. ඔවුන් කිමිදුම් උපකරණ භාවිතා කරමින් මෙම මසුන් මැරීම කර ඇති බවත් ඔවුන් සන්තකයේ තිබි පොකිරිස්සන් හා වෙනත් මාළු තොගයක් සමග කිමිදීමට භාවිතා කල ගෑස් ටැංකි කීපයක් සමග ඔවුන් පැමිණි බෝට්ටු 2ක් අත් අඩංගුවට ගෙන තිබේ. කාලයක සිට හොර රහසේ මෙම නීති විරෝධි මසුන් මැරීම කරගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබි ඇති බවත් ඒ ඔස්සේ වැඩි දුර පරික්ෂණ කරන බව මහවැව ප්රdදේශිය ධීවර කාර්යාලයේ නිළධාරියෙක් පැවසීය
නයිනමඩම චන්දන ප්රනාන්දු