දිවයින වටා මුහුදු ප්‍රදේශවල අද (18දා) මධ්‍යහ්න 12.00 සිට ඉදිරි පැය 24ක කාලය තුළදී තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් මෙම කාලසීමාව තුළ ධීවර කටයුතුවල යෙදීම අවදානම් සහගත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ අනුව පුත්තලම සිට මන්නාරම දක්වා හා හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා වැඩිවිය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.
මන්නාරම සිට කන්කසන්තුරය දක්වා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැයට කිලෝමීටර් 70 දක්වා අගයකට පැමිණිය හැකි නිසා ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව විමසිලිමත් වන ලෙස එහි වැඩිදුරටත් දැක්වෙයි.