මුහුදු ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැඩි ඇතිවන විට එම ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි නිසා ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අවස්ථාවලදී සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 ත් අතර වේගයකින් ඉහළ යනවිට එම මුහුදු ප්‍රදේශ රළු වියහැකි නිසා මෙම තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ ශ්‍රී මාල් හේරත් මහතා සඳහන් කළේය.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද ඔහු පවසා සිටියේය.