යුද සමයේදී මන්නාරම් ප්‍රදේශය භාර මුහුදු කොටි නායකයෙකු වශයෙන් කටයුතු කළ ත්‍යාගරාසා අරුල්සෙල්වම් අද (27දා) කිලිනොච්චියේදී පැවැත්වෙන මහවිරු සැමරුම් අවස්ථාවට විශේෂ සාමාජිකයෙකු වශයෙන් සහභාගී වන බවට වාර්තා වෙයි.
ඔහු විසින් ඊයේ (26දා) ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමෙන් අනතුරුව මෙම උලෙළට එක්වීමට නියමිතය.
මන්නාරම් දිස්ත්‍රික් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ඉදිරියේදී ඊයේ (26) දිනට යෙදී තිබූ කොටි නායකයාගේ උපන් දිනයදා ත්‍යාගරාසා අරුසෙල්වම් පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව මාධ්‍යයට පවසා සිටියේ දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා ගත හැක්කේ ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පමණක් බැවින් ඉදිරියේදී එම පක්ෂය හරහා දේශපාලනයට පිවිසෙන බවටයි.
ත්‍යාගරාසා අරුල්සෙල්වම් 1985 වසරේ සිට 2008 වසර දක්වා මන්නාරම් දිස්ත්‍රික්කයේ මුහුදු කොටි නායකයා වශයෙන් කටයුතු කොට ඇති අතර 2008 වසරේදී ඔහු ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වීමෙන් පසුව පුනරුත්ථාපනය වී 2012 වසරේදී සමාජගත වී ඇත.
කෙසේ වෙතත් අද දිනයේදී ප්‍රධාන මහවිරු සැමරුම සැමරෙන කිලිනොච්චිය කනකපුරම් මහවිරු සැමරුමට දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් සමග ත්‍යාගරාසා අරුල්සෙල්වම්ද විශේෂ සාමාජිකයෙකු වශයෙන් සහභාගී වීමට නියමිතව ඇති බවට ද වාර්තා වෙයි.