දිවයිනට නිරිත දෙසින් පවතින අඩු පීඩන තත්ත්වය දිවයිනෙන් ඉවතට ගමන් කළත් හම්බන්තොට සිට ගාල්ල සහ කොළඹ හරහා මන්නාරම දක්වා මුහුදු කලාප තවදුරටත් අනතුරුදායක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ නිසා අද (13දා) රාත්රියේදී මෙම ප්‍ර‘දේශවල ධීවර කටයුතු සිදුකිරීමෙන් වැළකී සිටින ලෙසට සියලුම ධීවරයන්ගෙන් ඉල්ලා සිටින බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
සෑම විටම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිවේදන පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් ඒ අනුව කටයුතු කරන ලෙසත් හෙතෙම ඉල්ලා සිටියේය.
මේ පිළිබඳව ඕනෑම තොරතුරක් ලබාදීමට සේම තොරතුරක් දැන ගැනීම සඳහා 117 හෝ 011267002 යන දුරකථන දෙකම පැය 24 පුරා ක්‍රියාත්මක බවද ඒ මහතා සඳහන් කළේය.