ඩෙල්ෆ් දූපතට උතුරු දෙසින් වූ ශ්රී ලංකාවට අයත් මුහුදු ප්රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්රෑම් 53ක් සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ගංජා තොගය ඉදිරි නීති කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.