ලංකාවට අයත් මුහුදු ප්‍රදේශය තුළ සිටින මත්ස්‍ය සම්පත් ප්‍රමාණය හා මුහුදු පරිසරය පිළිබඳ ජුනි මාසයේදී විධිමත් සමීක්ෂණයක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි නාරා ආයතනය සඳහන් කරයි.
නෝර්වේ රාජ්‍යයට අයත් අධි තාක්ෂණික උපකරණ සහිත නැවක් යොදාගෙන මෙම සමීක්ෂණය සිදු කරන බවත්, මෙවැනි සමීක්ෂණයක් මීට පෙර සිදුකර තිබෙන්නේ 1979 වසරේදී බවත් එම ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ආචාර්ය පාලිත කිත්සිරි මහතා සඳහන් කළේය.
නෝර්වේ රාජ්‍යයෙන් මෙම පහසුකම් නොමිලේම ලබාදෙන බවත්,ජුනි මාසයේ සිටම මාසයක කාලයක් නැව ලංකාව වටේ මුහුදු ප්‍ර‘දේශයේ ගමන් කරමින් මෙම සමීක්ෂණ කටයුතු සිදු කරන බවත් ඔහු කියා සිටියේය.
ලබාගන්නා දත්ත සියල්ලම නාරා ආයතනයට ලැබෙන අතර, එම වාර්තාවලට අනුව මත්ස්‍ය සම්පත රැකගැනීම ඇතුළු කටයුතු සිදුකළ හැකි බවද ඒ මහතා සඳහන් කළේය.
අදාළ සමීක්ෂණයේදී මත්ස්‍ය ප්‍රමාණය, මුහුදු පරිසර පද්ධතිය, ලවණ තත්ත්වය, උෂ්ණත්වය, මත්ස්‍යයන් බෝවන ස්ථාන, මත්ස්‍යයන් වැඩිපුර ගැවසෙන ප්‍ර‘දේශ ආදිය පිළිබඳ මූලික වශයෙන් දත්ත ලබාගැනීම සිදු කරන බවද හෙතෙම පවසා සිටියේය.