මුස්ලිම් ජනාතාව වෙනුවෙන් වෙනමම ප්‍රදේශයක් ලබාදීමට තමන් විරුද්ධ වූ බවත්, මුස්ලිම් ජනතාව රටට ආදරය කරන හෙයින් ඔවුන්ගේ ඡන්ද තමන්ට හිමිවන බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා යාපහුවේදී පැවැසීය.
අද (04දා) යාපහුවේ පැවැති සන්ධාන ජනරැලිය අමතමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
එසේම තමන්ම කිසිවෙකුටත් මෙරට නිදහස් අධ්‍යාපනය නැති කිරීමට ඉඩ ලබා නොදෙන බවත්, රාජ්‍ය අංශය කප්පාදු කිරීමට ඉඩ නොදෙන බවත් ජනපති සඳහන් කළේය.