බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා සිය පක්ෂය තනිව තරග කිරීමට තීරණය කළ බව මුස්ලිම් කොංග්රසයේ මහලේකම් හසන් අලි මහතා පැවසීය. බස්නාහිර පළාතේ දිස්ත්රික්ක තුන සඳහාම අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවද මහලේකම්වරයා පවසා සිටියේය.
මේ දක්වා මහ ඇමති අපේක්ෂකයෙක් නම්කර නොමැති බවත් ඒ සඳහා මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බවත් මෙම සතිය අවසන් වනවිට තීරණයකය එළඹිය හැකි බවත් හෙතෙම කීය.දකුණු පළාත් සභාවට තරග නොකිරීමට තීරණය කළ බවද හසන් අලි මහතා මෙහිදී පවසා සිටියේය.