මුස්ලිම් ආගමික උත්සව මැතිවරණ ප්රචාරය සඳහා යොදාගැනීම ඉතා අවාසනාවන්ත තත්වයක් බව කැෆේ සංවිධානය කියයි.
එහි විධායක අධ්යක්ෂ කිර්ති තේන්නකෝන් මහතා සඳහන් කරන්නේ මෙම මුස්ලිම් ආගමික උත්සව පදනම් කර ගනිමින් බඩු භාණ්ඩ බෙදා හැරීම ගණනාවක් පිළිබඳව තොරතුරු වාර්තා වන බවයි.
ඒ සමග මේ වනවිට කැෆේ සංවිධානය වෙත මැතිවරණ සිදුවීම් 261 ක් වාර්තා වී තිබේ.