රජය හා මත ගැටුමක් ඇතිවුවද, රජයෙන් ඉවත්වීමට තිරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ මාධ්‍ය ලේකම් මොහොමඩ් හෆීස් පැවැසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියට මුස්ලිම් කොංග්‍රසය විසින් ලබාදුන් වාර්තාවේ ඇතුළත් වූ කරුණු සම්බන්ධයෙන්, ඊයේ (28දා) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා හා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර මත ගැටුමක් හට ගත් බව වාර්තා වෙයි.
එහිදී තවදුරටත් අමාත්‍යවරයෙකු ලෙස රජයේ සිටිනවාදැයි යන්න තීරණය කරන ලෙසත් ජනපතිවරයා හකීම් ඇමතිවරයාගෙන් විමසූ බවත් වාර්තාවෙයි.
මේ හේතුවෙන් මුසුලිම් කොංග්‍රසය රජයෙන් ඉවත්වීමට තීරණයකර ඇතැයි යනුවෙන් වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් පැතිර යන තොරතුරුවල සත්‍යතාවය කුමක්දැයි යන්න පළිබඳව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් ‘අද’ කළ විමසුමකදී ඔහු ඉහත අදහෙස් ප්‍රකාශ කළේය.