මුලින් එක් අධිකරණයක් පසුව අධිකරණ දෙකක්
විශේෂ අධිකරණ පිහිටුවීම හරහා පසුගිය කාලයේ සිදු වූ දේශපාලන ඝාතන හා මහාපරිමාණ මූල්‍ය වංචාකරුවන්ට ක්‍රියාමාර්ග ගන්නා බවට ආණ්ඩුව ලබාදුන් පොරොන්දුව ඉටුවන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
දුන්න පොරොන්දුව ඉටු නොකළ බවට පසුගිය කාලයේ විශාල විවේචනයක් තිබූ බවත්, සමහර පිරිස් විපක්ෂය සමග එකතු වී මෙය යට ගැසූ බවටත් චෝදනාවක් තිබූ බවද පවසා සිටියේය.
අද (08දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේ විශේෂ අධිකරණ පනත හරහා විශේෂ අධිකරණ තුනක් පිහිටුවීමට හැකියාව තිබෙන බවය.
විශේෂ අධිකරණයේදී යම් නඩුවක් විභාග කිරීම ආරම්භ වූ පසු එක දිගට අදාළ කටයුතු සිදුවන බවත්, නීතිඥවරුන්ට අවශ්‍ය ලෙස කල්ගැනීම සිදුකළ නොහැකි බවද පවසා සිටියේය.
මුලින්ම එක් අධිකරණයක් පිහිටුවන බවත්, ඉන්පසුව ඉතිරි අධිකරණ දෙක පිහිටුවා නඩු ඇසීම සිදුවන බවද කියා සිටියේය. විශේෂ අධිකරණ පනත තුනෙන් දෙකේ ඡන්දයකින් සම්මත කර ගත යුතුව තිබෙන බවද සඳහන් කළේය.
මෙම අධිකරණය හරහා පසුගිය කාලයේ හා වර්තමානයේ වැරදිකරුවන්ට එරෙහිවත් අධිකරණ ක්‍රියාමාර්ග සිදුවන බවද කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


