මුහුද ගොඩගැලීමේ අවදානමක් ඇති බවට පෙරේදා (20දා) සවස හා අද (21දා) උදෑසන කිසියම් පිරිසක් විසින් මුලතිව් ප්‍රදේශයේ ගෙන ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් මුලතිව් නගරයම දැඩි පාලු ස්වභාවයක් ගෙන තිබුණි.
මේ හේතුව නිසා ඊයේ උදෑසන සිට මධ්‍යහ්නය දක්වාම මුලතිව් නගරයේ කිසිදු පුද්ගලයෙකු දැකගන්නට නොහැකිවූ අතර සියලු නගරයේ මෙන්ම ඒ අවට පදිංචිකරුවෝද සියලු ගමන්වලින් වැළකී සිය නිවෙස්වලටම වී සිටියහ.
කිසිදු සුනාමි අවදානමක් නොමැති බවත් කටකතාවක් හේතුවෙන් ජනතාව රැවටී ඇති හෙයින් දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන ලෙසට ජනතාව දැනුවත් කළ බව මුලතිව් පොලීසිය පවසා සිටියේය.
කෙසේ වෙතත් පසුගිය දිනයන්හි ඇදහැලණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මුහුදේ ජල මට්ටම ඉහළ යාම නිසා ප්‍රදේශයේ ධීවරයන් හා සෙසු පිරිස් යම් බියකින් පසුවන බවද වාර්තා වෙයි.
මේ නිසා ඊයේ දිනයේදී ජනතාවගේ දෛනික කටයුතුවලටද බාධා සිදු විය.