ඉන්දියාවේ මුම්බායි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් ඊට යටවී සිටින බව වාර්තා වෙයි.
අද අලුයම් කාලයේදී මෙම තෙමහල් ගොඩනැගිල්ල කඩා වැටී ඇති බවත්, තවත් විශාල පිරිසක් ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යටවී සිටිය හැකි බවත් ඉන්දීය වාර්තා පවසයි.
අතිශය අබලන් තත්ත්වයේ පැවති මෙම ගොඩනැගිල්ල මනුෂ්‍ය වාසයට නුසුදුසු ගරා වැටීමට ආසන්න ගොඩනැගිල්ලක් බව මුම්බායි බලධාරීන් පෙන්වාදී තිබුණද, එහි ජීවත්වූවන් මෙම ගොඩනැගිල්ල අතහැර යෑම ප්‍රතික්ෂේප කර ඇති බවද පැවසෙයි.
පසුගිය වසර දෙක තුළ මුම්බායි නගරයේ ගොඩනැගිලි කඩා වැටීමෙන් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
වසර 70කට වඩා පැරණි ගොඩනැගිලි 14,000ක් මුම්බායි නගරයේ ඇති බවත්, ගොඩනැගිලි නිර්මාණයේදී නිසි අමුද්‍රව්‍ය හා තාක්ෂණය භාවිත නොකිරීමත් ඇතැම් ගොඩනැගිලි කඩා වැටීමට හේතුව බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.