එළඹෙන 13 වැනිදා ආරම්භවීමට නියමිත වැම්පියන්ස් ලීග තරගාවලියෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ඉවත්වී තිබේ. ඒ ඔහුට අතිවී තිබෙන ආබාධ හේතුවෙනි.
මේ හේතුවෙන් තරගාවලියේදි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වයට ක්රීඩකයෙකු පත්කර ගත යුතු වෙයි. ඒ සඳහා ශ්රී ලංකාවේ ලසිත් මාලිංග, කොදෙව්හි කිරන් පොලාඩ් හා ඉන්දියාවේ හර්බජන් සිං ඉදිරියෙන් සිටියි.
මාලිංග සදර්න් එක්ස්ප්රස් කණ්ඩායම ශ්රී ලංකාවේ පැවැති පන්දුවාර විස්සයි20 තරගාවලියේ ජයග්රහණය කරා රැගෙන යාමත්, පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ජය ශ්රී ලංකාවට හිමිකර දීමත් හා ඉන්දියන් ප්රිමයර් ලීග තරගාවලියේ සාර්ථකම පන්දුයවන්නා බවට පත්ව තිබීමත් හේතුවෙන් ඔහු මුම්බායි කණ්ඩායමේ නායකත්වය සඳහා ඉදිරියෙන් සිටියි.
කෙසේ වෙතත් මේවන තෙක් මුම්බායි කණ්ඩායමේ නායකයා පත්කර නොතිබුණි.