මේ වසරේ අයි.පී.එල්. තරගාවලියට පෙර පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියට ලසිත් මාලිංග ඉදිරිපත් නොකරන්නට මුම්බායි ඉන්දියන්ස් පිළ තීරණය කර තිබේ. මුම්බායි පිළ වෙන්දේසියට ඉදිරිපත් නොකරන ක්‍රීඩකයන් පස් දෙනා වන්නේ රෝහිත් ෂර්මා, අම්බාති රායුදු සහ හර්බජන් සිං යන ඉන්දීය ක්‍රීඩකයන් සහ බ.ඉ.කොදෙව් කණ්ඩායමේ කයිරන් පොලාඩ් සහ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගයි.
පසුගිය තරගාවලියේ දී මෙන්ම ජාත්‍යන්තර පිටියේද දස්කම් දක්වන ඔස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන් කණ්ඩායමේ රඳවාගෙන මාලිංග වෙන්දේසියට ඉදිරිපත් කරනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළද තමන්ට තරග රැසක් ජයග්‍රහණය කර දුන් ලසිත් මාලිංග යළිත් තමන් සතු කරගැනීමට මුම්බායි කණ්ඩායමේ හිමිකරුවන් තීරණය කර තිබේ. මාලිංග 2009 සිට මුම්බායි පිළ නියෝජනය කරන අතර මේ වනවිට එම කණ්ඩායම වෙනුවෙන් කඬුළු 103 ක් දවාගෙන තිබේ. අයි.පී.එල්. තරගවලදී කඬුළු සියයක් දවාගෙන ඇති එකම පන්දු යවන්නා මාලිංගයි.