රුපියල් ලක්ෂ පනහකට අධික මුදල් වංචාවට සම්බන්ධ සැකකරුවෙකු පොලොන්නරුව රක්ෂිත බන්ධනාගාරය තුළ දී ගෙළ වැල ලාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මහ නුවර ,පේරාදෙණිය පාර,අංක 567 හි පදිංචිව සිටි රාමසාමි සුරේෂ් (44) නමැත්තෙකි.
පොලිසිය පවසන අන්දමට මීට සති දෙකකට පමණ ඉහත දී කෑගල්ල රක්ෂිත බන්ධනාගාරයේ සිටි මුදල් වංචාවක් පිළිබද සැකකරුවෙකු වූ මියගිය පුද්ගලයා පොලොන්නරුවේ ද රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වංචා කිරීම පිළිබද චෝදනාවකට අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා රැගෙන විත් තිබිණ.සැකකරු මනම්පිටිය සංචාරක මහේශ්රාත් අධිකරණයට ඉදිරි පත් කිරීමට නියමිතව තිබී ඇති අතර ඉකුත්(16) දා සවස 3.00 ට පමණ එම රැදවියා සිටි වාට්ටුවේදී මෙසේ සියදිවි නසාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලොන්නරුව පොලිසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.